Yesha Fernando's profile

Young - Read Mawatha

"හලෝ බූ....!" (To Kill A Mocking Bird)
__________________________________
හොඳයි මේ පාර කතාවට ප්‍රවේශ වෙන්න කලින් මං ඔබට මේ ලේඛිකාව ගැන මදක් කියන්නම්.. හාපර් ලී... ඇමරිකානු ජාතික නවකතාකාරිය... පුලිට්සර් සම්මානයෙන් හා ඇමරිකානු ජනාධිපති සම්ම්නයෙන් පවා පිදුම් ලැබූ ඇයගේ මේ එකම නවකතාව ඇය පල කරන්නේ 1960 වසරෙදි ඇයට අවුරුදු 34 ක් ව තිබියදී. එකම නවකතාවක් ලියලා ජාත්‍යන්තර සම්මානත් අරන් ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙනවා කියන්නේ.... හිතන්න ඒ නවකතාව කොහොම එකක් වෙන්න ඇතිද? ගැඹුරු සංකීර්ණ එකක් වෙන්න ඇති නේ? හපෝ නෑ . සරල, සුගම, නැවුම් බස් වහරකින් දිවෙන මේ කතාව ළමා නවකතාවක් කියතහැකි. ඒත් අන්තර්ගතය සාමජීයයි, දේශපාලනිකයි... හාස්‍ය, දුක, භීතිය, සත්‍ය එකට කැටිවුණු මෙහි නම තමයි "To Kill A Mocking Bird " (ගී කියන කුරුල්ලා මරා දැමීමට). (පරිවර්තනය: කළු - සුදු; චිත්‍රා අයි. පෙරේරා) කුඩාකල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කළු සුදු වර්ණවාදය ඇවිලුණු සමයක ජීවිතය ගත කල හාපර් ලී මෙහි හාස්‍,ය සතුට සහ සරල බව සමඟින් මුසු කොට ඇත්තේ ඒ සමාජීය දේශපාලනික යථාර්තයයි
"මෙකොම්බ් කියන්නේ පරණ ටවුමක්. මං දන්න දවස් වල ඉදලම ඒක මහා කම්මැලි නගරයක්. වැහි දවසට පාරවල් මඩ වෙනවා. පාර අයිනේ යන්න බෑ තණකොළ වැවිලා. වැඩියෙන් කොටළුවෝ ඕක් ගස් හෙවනට වෙලා මැස්සෝ පන්න පන්න ඉන්නවා. මහත්වරුන්ගේ කමිස උදේ දහය වෙනකොට දාඩියෙන් තෙත්වෙලා. නෝනලා හවස තුනේ විවේක නින්දට ඉස්සෙල්ලා නානවා. රෑට එයාලා හැඩ වෙලා ආවම හරියට වැඩ දාපු කේක් කෑලි වගෙයි."
ඔන්න නගරේ. "මෙකොම්බ්" . මෙහේ තමයි ජීවත් වුනේ ස්කවුට්, අවුරුදු 10 ක කෙල්ලෙක්. කෙල්ලෙක්ය කිව්වට කොලුකෙල්ලෙක්. අයියා ජෙරමියි, පුරසරම්කාර යාළුවා ඩිලුයි එක්ක හරි හරියට කොලු වැඩ කරපු tomboy කෙනෙක්. ස්කවුට්ගෙයි, ජෙරමිගෙයි තාත්තා තමයි ඇටිකස් ෆින්ච්. අම්මා නෑ. අම්මා වගේ ඔවුන්ව බලාගත්තේ ගෙදර ඉන්න කළුජාතික ආයම්මා කැල්පුනියා. ස්කවුටුයි ජෙරමියි ඇරෙන්න මුළු ටවුමම හිතන්නේ ඇටිකස් ෆින්ච් වගේ තාත්තා කෙනෙක් ලැබීම දරුවන්ටත් නින්දාවට කරුණක් කියලා. හේතුව සුදු ජාතික නීතීඥයෙකු වන ඔහු කළු ජාතිකයෙකුට වුනු අසාධාරණයක් වෙනුවෙන් පෙනී හිදිම.හැබැයි මිමෝසා මල් වවන එහා ගෙදර මිස් මෝඩියි ආයම්මා කැල්පුනියායි ඇරෙන්න මුළු නගරයම හිත යටින් දන්නවා ෆින්ච් කරන්නේ හරිම දේ කියලා. ඒත් ඔවුන් කුහකයි, කපටියි, මෝඩයි.
මේ තාත්තා තමන්ගේ දරුවන්ට හැමදාම කියලා දුන්නේ හොඳම දේ. මුණට අපහාස කරන මිනිස්සු එක්කත් රණ්ඩුවට නොගිහින් ඉන්න, කළු සුදු බේදයකින් තොරව සැමට සාධාරණව සලකන්න, වෙඩි තියන්න ඉගෙන ගත්තත් Mockingbird - ගී කියන කුරුල්ලන් වැනි අහිංසකයන් මරාදැමීම පාපයක් කියන එක. මිනිස්සුන්ගේ නිදහසට බාධා නොකළ යුතු බව. ඔය කියපු සේරම අමාරුවෙන් හරි කලත් ස්කවුට්ටයි, ජෙරමිටයි යාලුවා ඩිල් ටයි නොකර ඉන්න බැරිම වුනේ අන්තිම එක. එයාලගේ ලොකුම කුතුහලේ වුනේ නිතරම වහල තියෙන, දවසට එකපාරක්වත් සමහර වෙලාවට මිනිස් පුළුටක් දකින්න නැති එහා ගෙදර අමුතු තරුණයා බූ රැඩ්ලිව.. කාලෙකට කලින් මේ බූ හෙවත් ආතර් බොහොම සෙල්ලක්කාර සාමාන්‍ය තරුණයෙක් වෙලා ඉදියලු ඒත් දවසක් කරපු වැරද්දක් නිසා පොලිසියේත් ලගින්න වුනාට පස්සේ ගෙදර එක්කන් ආපු ආතර් ව එදා ඉදන්ම ගමේ කිසි කෙනෙක් දැකලා නෑ. එයින් පස්සෙම ඒ ගෙදර ජනෙල් දොරවල් මහා දවල්ටත් තිබ්බේ වැහිලා. මිනිස්සු ඒ ගේ ගාවින් ඉක්මනින් ඉක්මනින් ගියේ එහි අමුනුෂ්‍ය බලපෑමක් තියෙනවා වගේ බයෙන්. ගම පුරා බූ ගැන පැතිරිලා තිබුණු කතා සියල්ල පොඩි ලමයින්ටනම් භීතියම ගෙනෙන සුළුයි.
"බූ අඩි හයාමාරක් උසයි. ලෙනුන්ව, පුසන්ව අල්ලගෙන කනවා සත්තුන්ව අමුවෙන් කන හන්දා දත් වල ලේ තියෙනවා. මුණේ ලොකු කැළලක්. දත් කැඩිලා. කහපාටයි. ඇස් ගෙඩි එළියට ඇවිත්"
හුඟක් වෙලාවට ගෝනිබිල්ලෝ, රාස්සයෝ කියලා කතා පටබැඳිලා තියෙන නිහඬ ගුප්ත මිනිස්සු ගාව තමයි දිව්‍යමය ගතිගුණ තියෙන්නේ ඕක් ගහ යට දෙබලේ පුංචි පුංචි තෑගි තියන්නේ බූ බව ඔවුන් අනුමාන කරන්නේ කාලයක් ගිහින්. ඉතින් බූව ගෙයින් එළියට ගන්න, ඔහු මොනවගේද ඔහු එක්ක මිත්‍ර වෙන්න පුළුවන් වේවිද බලන්න ළමයි තුන්දෙනා එක එක plan ගහනකොට. මුළු ගමක හෙලා දැකීම නොතකා ඔවුන්ගේ තාත්තා, සුදු ජාතික තරුණියක් දුෂණය කළා කියන බොරු චෝදනාවක් ලබල ඉන්න ටොම් රොබින්සන් කියන කාපිරි මනුස්සය වෙනුවෙන් අධිකරණයේදී නඩුව කතා කරනවා.
"මම කතාව අවසන් කරන්න කලින් තව එක දෙයක් කියන්නම්. තෝමස් ජෙෆර්සන් එක වරක් කිවුවා සියලු මිනිසුන් සමානයි කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. සමහර මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන්නෙ උත්පත්තිය සමඟින්. ඇතැම් අය වැඩියෙන් මුදල් හොයනවා. ඇතැම් අය නිර්මාණශීලියි. නමුත් ජනාධිපතිත්, රස්තියාදුකාරයෙකුත් එක හා සමානව සලකන එක ආයතනයක් තියෙනවා. ඒ උසාවිය පමණයි. දෙවියන්ගේ නාමයෙන් ඔබගේ රාජකාරිය හරියට කරන්න"
මං කියන්නේ නෑ කතාවේ අන්තිම ඒත් මේ දරුවොන්ව එවෙල්ස් කියන නපුරු සුදු මිනිහගෙන් බේරාගන්නෙත් බූ කියලා විතරක් මං කියන්නම්.
"අපි හරියටම දැනගත්තම හුඟ දෙනෙක් හොඳ අය දුවේ."
ඉතිං අන්තිමේදී කොහොමහරි ස්කවුට්ට පුළුවන් වෙනවා කාකි කමිසයක් ඉරුණු ඩෙනිමක් ඇදන් බිත්තියට හේත්තු වෙලා දෑත බැඳගෙන ආලෝකයක් නැති සුදුමැලි පෙනුමකින්, තුනී වුනු හිසකෙස් වලින් යුතු මුහුණකින් දෙතොල් අතර රැදවුණු සිහින් සිනාවකින් යුත් බු රඩ්ලිව තමන්ගේම ගෙදරදී දකින්න... පුංචි ළමයෙක්ගේ කටහඩින් ඒත් සමාජයෙන් කොන් කරන්නෙම මරලා දාන්නෙම කාටවත් කරදරයක් නැති අහිංසක ගී කියන කුරුල්ලෝ වගේ නිර්දෝෂී මිනිස්සු කියන වැඩිහිටි අවබෝධයෙන් ස්කවුට් බූ ව මිත්‍රශීලීව , උණුසුම් හදකින් පිළිගන්නවා ... "හලෝ බූ...."
කියවන්නම ඕනේ මේ පොත හොයාගන්න ඕනෙනම් book-fair එකේ විදර්ශන කුටියට යන්න. ජය!
_________________________________යේෂා ෆර්නෑන්ඩු
Young - Read Mawatha
Published:

Young - Read Mawatha

Published:

Creative Fields